ඇදුම රෝගය උත්සන්න වී මාතර මහ රෝහලට පැමීණි දස හැවිරිදි දරුවෙකුට අවශ්‍ය ඇස්තලින් සොලූෂන් නැමැති ඖෂධය එම අවස්ථාවේ නොමැති වීම නිසා සංවේදී වු ලමා රෝග විශේෂඥ වෛද්‍ය සමත් සමිත සෝමරත්න මහතා ඊයේ (21) එම රෝහලට අදාල වර්ගයේ ඖෂධ තොගයක් සිය පුද්ගලික වියදමින් පරිත්‍යාග කලේය.
රුපියල් ලක්ෂ එක හමාරකට ආසන්න වටිනාකමකින් යුත් එම ඇස්තලින් සොලූෂන් ඖෂධ තොගය මාසයකට පමණ රෝගීන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් ප්‍රයෝජනයට ගත හැකි බව එහිදී අනාවරණය විය.
මොරවක පදිංචි කුඩා දරුවකු ඇදුම රෝගය උත්සන්න වී මොරවක රජයේ රෝහලේ සිට සිය මිත්තනිය සමග මාතර මහ රෝහලට මාරු කර එවා තිබීණි.
එම අවස්ථාවේ මාතර මහ රෝහලේ ලමා වාට්ටුවේ සිටි විශේෂඥ වෛද්‍ය සමත් සමිත සෝමරත්න මහතා දරුවා පරික්ෂා කොට අවදානම් තත්වයෙන් මුදවා ගැනීමට වහා ඇස්තලින් සොලූෂන් ඖෂධය යොදා දූමායනය කල යුතු බව වාට්ටු කාර්ය මණ්ඩලයට දන්වා තිබේ.
එහෙත් එම අවස්ථාවේ අදාල ඖෂධය නොමැති බව සැලවීමත් සමග විශේෂඥ වෛද්‍යවරයා ඇතුළු කාර්ය මණ්ඩලය සිය සම්බන්ධතා මත අදාල ඖෂධය පිටතින් ගෙන්වා අදාල දරුවාට ලබා දී ජීවිතය බේරා ගෙන ඇත.
දරුවා සමග පැමිණි වයෝවෘද්ධ මිත්තනිය දරුවාගේ අප්පොච්චි නොමැති බවත් මව විදෙස්ගතව ඇති බවත් ඉතා දුප්පත් බවත් පැවසීම මත විශේෂඥ වෛද්‍ය සමත් සමිත සෝමරත්න මහතා දැඩි ලෙස සංවේදී වී තිබේ.
ඔහු එම අවස්ථාවේදීම ඉහල බලධාරීන්ට ද ඒ බව දන්වා ඇත.
දැනට වෙලදපොලේ ද ඇස්තලින් සොලූෂන් ඖෂධ හිගයක් පවතී.
එම නිසා විශේෂඥ වෛද්‍ය සමත් සෝමරත්න මහතා අද (21) උදෑසන ගාල්ලෙන් හා මාතර නගරයේ පෞද්ගලික ඔසු සැලකින් ඇස්තලින් සොලූෂන් ඖෂධ කුප්පි 370 ක් මිලදී ගෙනවිත් මාතර මහ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය උපාලි කරුණාරත්න මහතා වෙත භාර දුන්නේය.
එක් ඖෂධ කුප්පියකින් රෝගීන් තිහකට පමණ ප්‍රතිකාර කල හැකි බවද ඒ අනුව විශේෂඥ වෛද්‍යවරයා භාර දුන් ඖෂධ තොගයෙන් රෝගීන් 11000 කට අධික පිරිසකට ප්‍රතිකාර කල හැකිය.
තවද මේ පිළිබඳව විශේෂඥ වෛද්‍ය සමත් සෝමරත්න මහතා කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාට ද දුරකතනයෙන් දැනුම් දී ඇති අතර එම හීග ඖෂධය කඩිනමින් මාතර මහ රෝහලට සපයන ලෙසට අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනූම් දී තිබේ.
ක්‍රිෂාන් ජීවක ජයරුක්
